ඉඩම් ආරවුලක් මත සූරියවැව දකුණු කඩවරදී සිය බාල සොහොයුරා විසින් වැඩිමහල් සොහොයුරා කැත්තකින් කපා පෙරේදා (16) සවස ඝාතනය කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව පොලිස් වසමේ අංක 84/1, දකුණු කඩවර, කොග්ගල්ල, අම්බලන්තොට ලිපිනයේ පදිංචි ව සිටි පෙලමුනි ආරච්චිගේ ලහිරු ප්‍රියංකර නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයා හා ඔහුගේ 22 හැවිරිදි බාල සොහොයුරු අතර කලක පටන් ආරවුලක් පැවත ඇති අතර, පෙරේදා (16) සවසද මේ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිව තිබේ. එම අවස්ථාවේදී බහින් බස්විම දුරදිග ගොස් 22 හැවිරිදි බාල සොහොයුරා විසින් සිය වැඩිමල් සොහොයුරාට කැත්තකින් පහර දී ඝාතනය කර තිබේ. සිය වැඩිමල් සොහොයුරා ඝාතනය කිරීමෙන් පසු 22 හැවිරිදි බාල සොහොයුරු සූරියවැව පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය 16 දින සවස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ අතර, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා හම්බන්තොට මහ රෝහලට යවා තිබේ.