Home » අස්වැන්න නෙළමින් තිබූ මාළු මිරිස් කොටුවට පිරිසක් වල්නාශක ඉසලා

අස්වැන්න නෙළමින් තිබූ මාළු මිරිස් කොටුවට පිරිසක් වල්නාශක ඉසලා

by mahesh
August 18, 2023 1:00 am 0 comment

තඹුත්තේගම - සී. එම්. ආරියපාල

ආදායම් ලබමින් තිබුණ අක්කර බාගයක වගා කර තිබූ මාළු මිරිස් කොටුවකට පුද්ගලයන් කීප දෙනකු ගොස් වල් නාශක ඉස වගා බිම විනාශ කර දැමීමේ සිද්ධියක් නොච්චියාගම රන්කෙත්ගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙලෙස විනාශ කර දමා ඇත්තේ අංගමුව ජලාසයට ඉහළින් පිහිටි ඉඩමක මිරිස් කොටුවක්ය. මෙම මාළු මිරිස් වගා කළ ගොවි මහතා මෙවර යල කන්නයේදී රුපියල් ලක්ෂ 06ක් පමණ වැය කොට මෙම මාළු මිරිස් වගාව ආරම්භ කළ බව පවසයි. මෙම වගාවෙන් පළමු අස්වැන්න ඉකුත්දා කිලෝ 500ක් පමණ ලබා ගත් බව ගොවි මහතා පවසයි.

අනික් මුරයට අස්වැන්න ලබා ගැනීමට ආසන්නව තිබියදී පුද්ගලයන් කීපදෙනකු පැමිණ හතර වතාවකට වල් නාශක ඉස ඇතැයි ගොවි මහතා පවසයි. මෙහි රාත්‍රී කාලයේ කිසිවකු නොසිටින බවද ඔහු පවසයි.

මෙම ගොවිපොළ සඳහා නොච්චියාගම රන්කොත්ගම පදිංචි ආර්. එම්. ශාන්ත බණ්ඩාර ගොවි මහතා කෘමිනාශක සහ පොහොර ආදියටත් ජලය සැපයීමට රුපියල් ලක්ෂ 06ක් පමණ වැය කොට ඇතැයි ද පවසයි. තම ශ්‍රමය පිළිබඳව මූල්‍ය වටිනාකමක් මේ සඳහා එකතු කර නැතැයිද පවසයි.

මෙම වගාවෙන් තවත් මුර කීපයකින් මාළු මිරිස් නෙළීමෙන් රුපියල් ලක්ෂ 35 පමණ ලබා ගැනීමට තිබුණ බවද ඔහු පවසයි.

මෙම ආදායම ලබාගැනීම ඉවසාගත නොහැකි ගමේ කීප දෙනකු ඊර්ෂ්‍යාවෙන් මෙම ගොවිපොළට වල්නාශක ඉසින්න ඇතැයි හෙතෙම විශ්වාස කරයි. දැනට වල්නාශක ඉස දින 15ක් පමණ ගොස් ඇතැයි පවසන ඔහු

මෙම අපරාධය කළ අය ගැන හරිහැටි සාක්ෂි සොයා ගැනීමට අපහසු වී ඇති බවද පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT