Sunday, April 20, 2025
Home » යාපනයේ දෙමළ තරුණයෙක් කැනඩාවේ මහල් නිවෙසකින් බිමට පැනලා

යාපනයේ දෙමළ තරුණයෙක් කැනඩාවේ මහල් නිවෙසකින් බිමට පැනලා

by mahesh
August 18, 2023 1:00 am 0 comment

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

යාපනයේ සිට කැනඩාවට ගොස් සිටින දෙමළ ජාතික තරුණයෙකු මහල් නිවසකින් බිමට පැන පෙරේදා (16) සියදිවි හානි කරගෙන තිබේ.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ යාපනයේ වැල්වෙට්ටිතුරේ තිරුවිල් ප්‍රදේශයේ පදිංචි රඝුපති ආනන්ද් නමැති 31 හැවිරිදි තරුණයෙකි. යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු කැනඩාවේ කාන්තාවක් සමඟ එම මහල් නිවසේ එකට ජීවත් වී ඇති අතර, පවුලේ ඇති වූ රණ්ඩුවක් මත කාන්තාව මහල් නිවාසයෙන් බිමට තල්ලු කොට ඔහුද ඉන් පැන සිය දිවි හානි කරගැනීමට උත්සාහ කොට තිබේ. නමුත් කාන්තාව තල්ලු කළ අවස්ථාවේදී ඇය බැල්කනියේ වැටක සිර වී ඇති අතර, තරුණයා පමණක් බිමට වැටී තිබේ. මහල් නිවසින් බිමට වැටුණු ඔහුගේ මළ සිරුර මහල් නිවාසයේ මිදුලක තිබී හමු වී කැනඩා පොලිසිය විසින් රැගෙන ගොස් ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT