Monday, April 21, 2025
Home » හැටන් දික්ඔය ට්‍රැෆික් එකට රථ වාහන පොලිසියෙන් විසඳුමක්

හැටන් දික්ඔය ට්‍රැෆික් එකට රථ වාහන පොලිසියෙන් විසඳුමක්

by mahesh
August 18, 2023 1:00 am 0 comment

හැටන් - රංජිත් රාජපක්ෂ

හැටන් දික්ඔය නගරයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කිරීම සඳහා හැටන් දික්ඔය නගර සභාව සහ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් එක්ව ඊයේ (17) දින විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

නගරයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීමක් පරිදි නගරය තුළ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමයට වාහන ගාල් කිරීම සඳහා පියවර ගැනිණ.

හැටන් දික්ඔය නගරයේ මෙතෙක් ත්‍රිරෝද රථ ඇතුළු අනෙකුත් වාහන අවිධිමත් ලෙස ගාල් කර තිබීම නිසා එම නගරය හරහා ගමන් කරන රථ වාහනවලට දැඩි බාධා පැමිණ තිබුණි. හැටන් දික්ඔය නගරය හරහා බගවන්තලාව, මස්කෙලිය, නල්ලතන්නිය, සාමිමලේ, බලංගොඩ, සාංචිමලේ සහ සලංකන්ද යන ප්‍රදේශවලට පිවිසෙන ප්‍රධාන මාර්ගය පිහිටා ඇති නිසා දික්ඔය නගරය හරහා දිනකට විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය කිරීම හේතුවෙන් දික්ඔය නගරය තුළ දැඩි වාහන තදබදයක් සහ රිය අනතුරු සිදුවීමේ දැඩි අවදානමක් පවතී. එය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT