Monday, April 21, 2025
Home » අනුරාධපුර තලාවෙන් බෝම්බයක් හමුවෙයි

අනුරාධපුර තලාවෙන් බෝම්බයක් හමුවෙයි

by yasara
August 18, 2023 4:22 pm 0 comment

bomb news

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව පොලිස් වසමේ කුමාරඑළිය ගම්මානයෙහි වැවෙහි ජලය සිදී ගිය ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව තලාව පොලීසිය පවසයි.

තලාව, මුදුනේගම විද්‍යාලයට යාබදව පිහිටි කුමාරඑළිය ගම්මානයෙහි වැවෙහි තිබූ මෙම ජීව අත්බෝම්බය වැව හරහා නිවසට යමින් සිටි කුඩා දරුවකු විසින් දැක, එම වැව අසල වෙළඳසැලක් පවත්වාගෙන යන විශ්‍රාමික යුධ හමුදා සෙබලකු වන තම පියාට ඒ පිළිබඳ දැනුම්වත් කිරීමෙන් පසු තලාව පොලිස් ස්ථානයට දන්වා පොලිස් ස්ථාන නිළධාරීන් පැමිණ එම ස්ථානයට ආරක්ෂාව සපයා ඇත.

යම් අපරාධයක් සඳහා ගෙනැවිත් තිබූ මෙම ජීව අත්බෝම්බය ජලය තිබූ කාළයේ කිසියම් පුද්ගලයකු විසින් වැවට විසිකර තිබී ජලය හිදී ගිය පසු මෙය මතු වූවාද, නැත්නම් කිසියම් පුද්ගලයකු විසින් ජලය සිදී ගිය පසු මෙම ස්ථානයටගෙනැවිත් දැම්මාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැති බවත්, මෙය තරමක් පැරණි ජීවඅත්බෝම්බයක් බවට අනුමාන කරන බවත් තලාව පොලීසිය පවසයි.

මේ පිළිබඳව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවත්, පොලිස් විශේෂ කාර්යබළකායේ නිළධාරීන්ගේ සහය ඇතිව අත් බෝම්බය පුපුරුවා හැරීමට නියමිත බව තලාව පොලීසිය පවසයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT