දියගම තාක්ශණ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ තුන්වැනි මහලින් සැකකටයුතු ලෙස බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ සිසුවා මිය ගිය බව කහතුඩුව පොලිසිය කියයි
මිය ගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ රන් කැටිය පාර පදිංචිව සිටි විකුම් සුබාස්වර විතාන ආරච්චි (25) නැමැති සිසුවෙකි
මියගිය සිසුවා එම විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය හදාරන තෙවන වසරේ අධ්‍යාපනය ලබන්නෙකි
තෙවන මහලින් බිමට වැටුණු බව පවසා සිසුන් පිරිසක් විසින් මියගිය සිසුවා ව ඊයේ (17) පෙරවරු 10.20 රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා උත්සාහයක් ගත්තද දහවල් 12 .15 ට ඒ ගිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය
මියගිය සිසුවා පිටස්තර පුද්ගලයකු සමග නේවාසිකාගාරයේ කාමරය තුළ යම් බහින්බස් වීමක් සිදු වුණ බවට සිසුන් අතර කතාබහක් ලක්වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි
කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එච් කේ ප්‍රියංකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ