Home » නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට

by yasara
August 18, 2023 2:57 pm 0 comment

cigerates

රුපියල් විසි එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට  රැගෙන ආ ගුවන් මගියෙකු අද (18)  අලුයම  කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඩුබායි හි ආපනශාලාවක සූපවේදියෙකු ලෙස රැකියාව  කළ මෙම ගුවන් මගියා 38 හැවිරිදි  නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මැන්චෙස්ටර් , ඇඩ්‍රස් කින්ග් සහ ගෝල්ඩ් ලීෆ් යන විදේශීය නිෂ්පාදිත දුම්වැටි 21,400 ක් සගවා ගෙන තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

මෙම ගුවන් මගියා සහ අත් අඩංගුවට ගත් දුම්වැටි තොගය අද  මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT