Home » මහියංගණ රෝහල අසල දමා ගිය බිලිඳිය රෝහලට

මහියංගණ රෝහල අසල දමා ගිය බිලිඳිය රෝහලට

by mahesh
August 18, 2023 12:55 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

මහියංගණය රෝහලට යාබද ඉඩමේ අතහැර දමා ගොස් තිබූ කුඩා බිලිඳියක පෙරේදා (16) දින හමුවූ බව මහියංගණය පොලිසිය පැවසීය. එම රෝහලට යාබද ඉඩමේ හිමිකරුට තම ගෙවත්තේ කුඩා දරුවකු හඬන හඬක් ඇසී සොයා බැලීමේදී රෙදි කඩකින් ඔතා වත්තේ දමාගොස් සිටි මෙම බිලිඳිය හමුවී ඇති අතර ඔහු විසින් කඩිනමින් මෙම බිලිඳිය රෝහලට ඇතුළත් කර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ බව පොලිසිය පැවසීය.

දිනක් හෝ දෙකක් පමණ වයසැති මෙම කුඩා බිලිඳිය මේ වන විට මහියංගණය රෝහලේ ළදරු ඒකකයේ සුවෙන් පසුවන බවත් පොලිසිය කීය.

ඒ අනුව බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත මෙම දරුවාගේ මවුපියන් සොයා මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහියංගණය වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම මහතා පැවැසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT