ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අයත් දුරකතන රැහැන් කපා තඹවලට එහි කම්බි අලෙවි කරමින් සිටි මත්කුඩු ලෝලීන් තිදෙනෙක් නාරම්මල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම මත්කුඩු ලෝලීන් තිදෙනා නාරම්මල කෝට්ටපිටියේ පදිංචිකරුවන්ය. නාරම්මල පොලිස් වසමට අයත් අඹගම්මන හන්දියේ සිට බෙම්මුල්ලේ ගෙදර පාර දක්වා කොටසේ ද, මීගමුව මාර්ගයේ සිට හල්වැල්ල පාර දක්වා කොටසේ ද ඇති රැහැන් මොවුන් තිදෙනා විසින් කපා එහි කම්බි තඹවලට අලෙවිකර ඇති බව පොලිසිය කියයි.
මෙසේ කපා ඇති රැහැන්වල වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වන බව කියයි.
මෙම සැකකරුවන්ව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැර ඇත. එහෙත් සැකකරුවන් දෙදෙනකු වෙනත් නඩුවක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව නාරම්මල පොලිසියේ නිලධාරියෙක් ඊයේ (17) සඳහන් කළේය.