මෙම වසර ඇතුළතදී සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම” නමින් අලුතින් තානායම් 100ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපති, දුලිප් විජේසේකර මහතා පැවසීය.
සභාපතිවරයා අවධාරණය කරන්නේ සංචාරක මණ්ඩලය හා පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව මෙම තානායම් පවත්වාගෙන යෑමට නියමිත බවයි.නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.
ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපතිවරයා පවසන්නේ, තම ආයතනය යටතේ මේ වන විට උතුරු හා නැඟෙනහිර පළාත්වලත් රත්නපුර, මාතර, පේරාදෙණිය ඇතුළුව දිවයින පුරා තානායම් 25ක් ක්‍රියාත්මක වන බවයි. ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනය යටතේ පවතින තානායම් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නම් පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් ලබා දිය යුතු බවයි.