Home » නියඟයෙන් බැටකන ගොවීන් ගණන 35,000ට නඟී

නියඟයෙන් බැටකන ගොවීන් ගණන 35,000ට නඟී

by mahesh
August 18, 2023 12:59 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

පවතින නියඟය සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ වී ගොවීන් සංඛ්‍යාව 35,653ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් ඊයේ (17) නිකුත් කළ වගා හානි සම්බන්ධ දෛනික වාර්තාව සඳහන් කරයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා වෙත ඊයේ භාර දුන් මෙම වාර්තාව සඳහන් කරන්නේ හානියට පත්ව ඇති වී වගා අක්කර ප්‍රමාණය 38,903.83ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් සකස් කර ඇති වගා හානි සම්බන්ධ මෙම දෛනික වාර්තාවෙහි දැක්වෙන්නේ ඊයේ (17) දිනය වන විට බඩඉරිඟු ගොවීන් 144 දෙනකුගේ අක්කර 159ක් ද අර්තාපල් ගොවීන් 20 දෙනකුගේ අක්කර 10ක් ද ලොකු ලූනු ගොවීන් දෙදෙනකුගේ අක්කර 1.2ක් ද මිරිස් වගා ගොවීන් 04 දෙනකුගේ අක්කර 1.5ක් ද වෙනත් වගාවන්හි නිරත ගොවීන් 37 දෙනකුගේ අක්කර 31.25ක් ද මුං වගා ගොවීන් 35 දෙනකුගේ අක්කර 30ක් ද කැරට් ගොවීන් 37 දෙනකුගේ අක්කර 31.5ක් ද පවතින නියඟය සහිත කාලගුණික තත්ත්වය නිසා විනාශ වී ඇතැයි වාර්තාවූ බවයි.

එමෙන්ම පවතින නියඟය සහිත කාලගුණික තත්ත්වය නිසා සත්ත්ව පාලනය කෙරෙහි ද බලපෑමක් එල්ල කර තිබෙන බැවින් දේශීය කිරි කර්මාන්තයට නියඟයේ බලපෑම සම්බන්ධව ද වාර්තාවක් ලබා දෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT