Wednesday, April 23, 2025
Home » ආනයනික Rice Root වෙනුවට අලිමානා යොදා ගැනීම සාර්ථකයි

ආනයනික Rice Root වෙනුවට අලිමානා යොදා ගැනීම සාර්ථකයි

නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) අනුරුද්ධ බණ්ඩාර

by mahesh
August 18, 2023 12:55 am 0 comment

රක්වාන - ඉන්දික සී. කුමාර

දැනට මෙක්සිකෝවෙන් විශාල මුදලක් වැය කරමින් මෙරටට ආනයනය කරන Rice Root නම් මුල් වර්ගයට ආදේශකයක් ලෙස මෙරට වැවෙන අලි මානා මුල සාර්ථකව යොදා ගත හැකි බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) අනුරුද්ධ බණ්ඩාර මහතා සොයාගෙන තිබේ. විශේෂයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ මිලියන ගණනක් සිටින හීලෑ අශ්වයන්ගේ සහ ගවයන්ගේ ලෝම දිනපතා පීරා පිරිසුදු කළ යුතුය. ඒ සඳහා යොදා ගන්නේ බුරුසුවකි. එම බුරුසුව සකසා යුරෝපයට අපනයනය කරන රටවල් අතර අපේ රටත් සිටී. පදම් කළ රබර් ලීයකට මෙක්සිකෝවෙන් ගෙන්වන Rice Root කෙඳි සවිකර මේ නිෂ්පාදනය වසර 25කට අධික කාලයක් පුරා අපනයනය කරයි.

මානා කුලයේ සුලබව දැකිය හැකි ශාක වර්ග 04කි. එනම් අලිමානා, මානා, පැඟිරි මානා, ඉලුක්වලින් වඩාත්ම සුලබව දැකිය හැක්කේ අලිමානාය. එය ගිනි ග්‍රාස් ලෙස ද ඇතැම් ප්‍රදේශවල හඳුන්වයි.

බණ්ඩාර මහතා විසින් Rice Root කෙඳිවලට ආදේශකයක් ලෙස සොයා ගන්නා නිසි පරිදි සකසන ලද අලිමානා මුල් වර්ණ එස්පෝට් ආයතනය විසින් ඔවුන්ගේ විදේශ හිමිකාරිත්වය සහිත සමාගම්වලට හා විදේශීය ගැනුම්කරුවන්ට දී ඒවායේ ගුණාත්මක බව පරීක්ෂා කර Rice Root වෙනුවට එය ඉතා සාර්ථක ආදේශකයක් ලෙස භාවිත කළ හැකි බව තහවුරු කරගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT