Home » විරක්කෝඩිචෝල රක්ෂිතයට ගිනි තියලා

විරක්කෝඩිචෝල රක්ෂිතයට ගිනි තියලා

අක්කර 100ක් විනාශයි

by mahesh
August 18, 2023 1:00 am 0 comment

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

විරක්කෝඩිචෝල රක්ෂිතයේ පෙරේදා (16) සවස ඇතිවූ ගිනි ගැනීමකින් අක්කර 100කට ආසන්න භුමියක් විනාශ වී ඇති වන සංරක්ෂණ නිලධාරීහු පවසති.

මෙම ගිනි ගැනීම විරක්කෝඩිචෝල රක්ෂිතයේ පහරිය වන වගාව ආසන්න භූමියේ ඇතිව තිබේ. සංරක්ෂණ නිලධාරීන් පවසන්ගේ මෙය කිසිවකු විසින් කළ ගිනි තැබීමක් බවයි. ගින්න පැතිරී යෑම හේතුවෙන් රක්ෂිතයේ තේක්ක වගාව සහිත භූමිය ද ගින්නෙන් විනාශ වී ඇති අතර එය නිවා දැමීමට කරුවලගස්වැව හා සාලියවැව පොලිස්ථානවල නිලධාරීන් එක්ව තිබූ අතර, ඒ සමඟ කරුවලගස්වැව වනජීවී නිලධාරීන් හා වන සංරක්ෂණ නිලධාරී කණ්ඩායමක් ද එක්වූහ.

මේ ගින්න පැය තුනකට ආසන්න කාලයක් පැවති බවත් පසුව ගින්න පාලනය කිරීමට නිලධාරීහු කටයුතු කළහ. පසුගිය 11 වැනිදා ද කිසියම් කණ්ඩායමක් තබ්බෝව අභය භූමියට ද ගිනි තැබීම නිසා එහි අක්කර 300කට අධික භූමි ප්‍රමාණයක් විනාශ විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT