Monday, April 21, 2025
Home » ඇතැම් දේශපාලකයන්ගේ හැසිරීම නූතන සමාජයට සුදුසු නෑ

ඇතැම් දේශපාලකයන්ගේ හැසිරීම නූතන සමාජයට සුදුසු නෑ

by mahesh
August 18, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ජාතික ජන බලවේගය විශ්වාස තබන්නේ ජනතාව කෙරෙහි බව එහි ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. මන්ත්‍රීවරිය එසේ ප්‍රකාශ කළේ පසුගියදා මොරටුව ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

රට මේ වන විට පත්ව තිබෙන ව්‍යසනයෙන් බේරාගත හැකි නායක, නායිකාවන් රටට ඉදිරිපත් කරන බවද කී මන්ත්‍රීවරිය, තම කණ්ඩායමේ බලාපොරොත්තුව වන්නේ රටට අලුත් දෙයක් ලබා දීම යැයි ද සඳහන් කළාය. මේ රටේ ඇතැම් දේශපාලනඥයන් හැසිරෙන ආකාරය නූතන සමාජයට සුදුසු නොවන බව ද කී හරිනි අමරසූරිය මහත්මිය ජනතාව ඉල්ලන්නේ ආදර්ශයක් දිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් යැයි ද පැවසුවාය. ජනතාව තේරුම්ගත හැකි, ජනතා ප්‍රශ්න තේරුම්ගත හැකි, නායකයන් බිහි කරමින් අප මේ යන්නෙ මේ රටට අවශ්‍ය නූතන දැක්ම, මානුෂීය දැක්මෙන් පිරුණු සමාජයක් බිහි කරන්න. අලුත් රටක් ගොඩනඟන්න සියලු දෙනා එකතු වෙන්න. අපි වැඩ කරමු. වෙනස් වෙමු යැයිද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සඳහන් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT