Home » යුක්රේන කතට ලක්ෂ 100ක ඇපයක්
බැංකු ගිණුම් 3කට රිංගා එක්කෝටි 37 ලක්ෂයක් වංචා කළ

යුක්රේන කතට ලක්ෂ 100ක ඇපයක්

සැමියා දැනටමත් රිමාන්ඩ්

by mahesh
August 18, 2023 1:00 am 0 comment

සිරන්ජනී කුමාරි

පුද්ගලික බැංකුවක ගිණුම් තුනකට අනවසරයෙන් ඇතුළු වී එක්කෝටි 37 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුක්රේන ජාතික කාන්තාව ලක්ෂ 100ක ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

සැකකාරියගේ සැමියා මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කොට ඇති බවත් දේපොළ සම්බන්ධ වැඩිදුර විමර්ශන පැවැත්වීමේදී සැකකාරිය ද මෙම අපරාධයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඇය අත්අඩංගුවට ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

සැකකරුවන් විසින් මෙසේ බැංකු ගිණුම්වලට අනවසරයෙන් පිවිසී එහි මුදල් ගෙන පිරමීඩ වංචා ගිණුම්වල තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් සැකකාරියගේ ගිණුමක අපරාධය වූ අවස්ථාවේදීම අවස්ථා දෙකකදී මෙසේ මුදල් තැන්පත් වීමක් සිදු වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මහත්මිය සඳහන් කරනු ලැබුවේ සැකකාරිය සපත්තු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් එම මුදල් මෙම බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවත්ය. අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඇගේ විදේශ ගමන් තහනම් කරමින් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT