Home » තම සන්නස්පත්‍ර උත්සවයට සූදානම් වූ සුගතානන්ද තිස්ස නාහිමියෝ හදිසියේ අපවත් වෙති

තම සන්නස්පත්‍ර උත්සවයට සූදානම් වූ සුගතානන්ද තිස්ස නාහිමියෝ හදිසියේ අපවත් වෙති

by mahesh
August 18, 2023 1:00 am 0 comment

මනම්පිටිය නිමල් ජයරත්න

උතුරු මැද තමන්කඩුව පොලොන්නරුව දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය හා පිළිගැනීමේ උත්සවය මේ මස දහනම වෙනිදාට සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර බොහෝ පිරිසකට ආරාධනා පත්‍ර ලබාදී සිටි අමරපුර මහා නිකායේ මූලවංශික පාර්ශ්වයේ කාරක සංඝ සභික මීගමුවේ සුගතානන්ද තිස්ස නාහිමියන් 17 වෙනිදා හදිසියේ අපවත් වූහ. අපවත් වී වදාළ මීගමුවේ සුගතානන්ද තිස්ස නාහිමියන්ගේ ප්‍රධාන සංඝනායක පදවිප්‍රාප්ත සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය හෙට (19) සෙවණපිටිය මදුරංගල ශ්‍රී ධම්මිකාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට උන්වහන්සේ විසින්ම බොහෝ වැඩකටයුතු සංවිධාන කර සිටියහ. ඊයේ (17) පොලොන්නරුව මහ රෝහලේදී උන්වහන්සේ හදිසියේ අපවත් වී ඇත.

මීගමුවේ සුගතානන්ද තිස්ස නාහිමියන්ගේ ප්‍රධාන සංඝනායක පදවි ප්‍රදානෝත්සවය සඳහා දිවයිනේ මහානායක හිමිවරුන් කීපනමක් මෙන්ම ප්‍රදේශයේ මැති ඇමැතිවරුන්ගේ හා දායක, කාරකාදීන්ගේ සහභාගිත්වයෙන් අතිඋත්කර්ෂවත්ව උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. බොහෝ වැඩ කොටසක් සුගතානන්ද තිස්ස නාහිමියන් විසින්ම සිදුකර අපවත්වීම සුවිශේෂී සිද්ධියක් බව ද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

අපවත් වී වදාළ මීගමුවේ සුගතානන්ද තිස්ස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට(19) සෙවණපිටිය මදුරංගල ශ්‍රී ධම්මිකාරාම විහාරස්ථ ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT