පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාව තුළ පවතින අප්‍රසාදය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන් ඇතැමුන් ගෙනයන කුමන්ත්‍රණවලට මාධ්‍ය ද හවුල් වීම කනගාටුවට කරුණයක් යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ තරුණ සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදු වී ඇතැයි කියන චෝදනාව සම්බන්ධව විමර්ශනයක් පැවැත්වෙමින් තිබෙන අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් විවිධ අසත්‍ය පුවත් නිර්මාණය වන බවත් ඒවා සොයා බැලීමකින් තොරව මාධ්‍ය විසින් පළ කිරීමෙන් විමර්ශන කටයුතුවලට බාධා මතු විය හැකි බවත් කථානායකවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර හා රජයේ ගිණුම් කාරක සභා රැස්වීම් පවත්වන කමිටු කාමරය අසල ඇති කුඩා කාමරයක පිරිසුදු කිරීමට භාවිත කරන උපකරණ කිහිපයක් සමඟ සෝපාවලින් ඉවත් කරන ලද කොට්ටා දෙකක් තිබී ඇති බව කී කථානායකවරයා, මෙය අසත්‍ය තොරතුරු ද සමඟ මාධ්‍යවල පළ වීමෙන් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානි බව බව ද පැවසුවේය.
ලිංගික චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන ලෙස උපදෙස් දී තිබෙන බව ද කමිටුවක් මඟින් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ද කී කථානායකවරයා, මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කර මාධ්‍ය මඟින් බෙදා හරිනු ලබන්නන් පිළිබඳව ද සොයා බැලීමක් කරන බව ද කීවේය.