Home » ඌව වෙල්ලස්ස සරසවියේ තෙවැනි වසර පීඨ 21 ඇරෙයි

ඌව වෙල්ලස්ස සරසවියේ තෙවැනි වසර පීඨ 21 ඇරෙයි

by mahesh
August 18, 2023 12:55 am 0 comment

සොරණාතොට සමූහ - සී. ගමගේ

දින නියමයක් නැතිව දැනට වසා දමා තිබෙන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු මේ මස 21 වැනි දින යළි ආරම්භ කරන බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

ඒ අනුව තෙවැනි වසරේ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල සිටින සියලු සරසවි සිසුන් 20 වැනි දින වන විට සිය නේවාසිකාගාරවලට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.

මේ අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සියලු පීඨවල අධ්‍යයන කටයුතු මේ මස 28 වැනි දින යළි ආරම්භ කරන බව ද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.

එම දෙවැනි වසරේ සියලු පීඨවල සිසුන්ට සැප්තැම්බර් මස 2 වැනි දින සිට සති දෙකක කාලයක් පුරා අධ්‍යයන නිවාඩු ලබා දෙන බව පවසන මහාචාර්ය රත්නසේකර මහතා එම සිසුන්ගේ විභාගය සැප්තැම්බර් මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත බවද සඳහන් කළේය.

දැනට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පළමු සහ හතර වැනි වසර සියලු පීඨවල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරදි පැවැත්වෙන බව ද ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT