Home » රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය හෙට

රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය හෙට

by mahesh
August 18, 2023 1:00 am 0 comment

රාගම මහ දේවාලයේ 48 වැනි වාර්ෂික දේව පූජා මංගල්‍යය මෙවරත් අතිඋත්කර්ෂවත් ලෙස හෙට(19) පැවැත්වේ. රාගම මහ දේවාලයේ 2023 දේව පූජා මංගල්‍යය උදෑසන 6.00ට බුද්ධ පූජාවෙන් ඇරඹෙන අතර උදෑසන 7.30ට පිළිම වහන්සේ ස්නානය කිරීමේ පූජාව (කුම්භා අභිෂේගම්) උදෑසන 10.00ට රටට ජනතාවට සෙත්පතා නවග්‍රහ පූජාවද, උදෑසන 11.00ට දේව දානයද,සවස 5.00ට මහා මාතාංගේෂ්වරී පූජාවද පැවැත්වේ.

රාගම මහ දේවාලයේ ප්‍රධාන දේවගැතිවරයාව සිටි ලොකු සීයාට පින් පිණිස පොළොස් මාළුව, අඹ මාළුව,පරිප්පු කරිය, මාළු ඇඹුල් තියල් සහ කිරිපැණි සමඳ මහා බත් දන්සල හෙට(19) දහවල් 1.00 සිට රාගම දේවාලය අසලදී පැවැත්වේ.

දේව පූජා මංගල්‍යයට සහ බත් දන්සලට සහභාගි වන ලෙස රාගම මහා දේවාලයේ ප්‍රධාන දේවගැතිවරුන් වන පොඩි සීයා සහ චූටි සීයා ලක්වැසියන්ට ආරාධනා කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT