Home » මාතර නව දිස්ත්‍රික් රෝහලට බසයක් දුන්නොත් පිනක්

මාතර නව දිස්ත්‍රික් රෝහලට බසයක් දුන්නොත් පිනක්

by mahesh
August 18, 2023 12:56 am 0 comment

මාතර, කඹුරුගමුව ‘ලැබීම’ ප්‍රදේශයේ පිහිටි මාතර නව දිස්ත්‍රික් රෝහල වෙත ගමනාගමනයට ප්‍රවාහන පහසුකම් නැතිකම හේතුවෙන් රෝගීන් සහ ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට ලක්ව ඇති බව රෝගීහු චෝදනා කරති.

මාතර මහ රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකකයේ කොටස් මෙහි පිහිටා ඇති අතර මාතෘ ඒකක 3ක් සහ වාට්ටු 9කින් යුක්ත මේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් තුන්දෙනකු යටතේ දිනකට සැත්කම් 30ක් පමණ සිදු වන බව මාතර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ඩී.යූ. කරුණාරත්න මහතා ‘දිනමිණ’ කළ විමසීමේදී පැවසීය.

මාතර මහ රෝහලට අනුබද්ධව ඇති මාතර නව දිස්ත්‍රික් රෝහල කොරියන් ආධාර යටතේ ඉදි කළ අතර සියලු පහසුකම්වලින් යුක්ත නවීන තාක්ෂණයෙන් යුත් මේ ඒකකයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගේ අඩුවක් වී ඇත්තේ ප්‍රවාහන පහසුකම් නැතිකම නිසා බව වාර්තා වේ.රෝහලට පැමිණීමට ප්‍රවාහන පහසුකම් නැතිකම නිසා කරාපිටිය හා හම්බන්තොට රෝහල්වලට රෝගීන් යන බවත් පහසුකම්වලින් අනූන මේ රෝහලට ඇතුළත් නොවී සෙසු රෝහල්වලට යාමෙන් එම රෝහල්වල තදබදයක් ඇතිවීමත් පහසුකම්වලින් යුක්ත රෝහලක් ප්‍රදේශයේ තිබියදී වෙනත් රෝහලකට යෑමෙන් විවිධ දුෂ්කරතාවලට රෝගීන්ට මුහුණදීමට සිදු වන බවත් රෝගීහු පවසති.

මේ සම්බන්ධයෙන් සොයා බලා මාතර සිට ලැබීම ප්‍රදේශයට උදෑසන සිට සවස 6 පසු වන තෙක් බස් රථ ධාවයනයක් යොද වන ලෙස රෝගීහු, ප්‍රදේශවාසීහු රජයෙන් ඉල්ලා සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT