ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියෙන් සංවිධාන කළ ‘Techniques of public Speaking’ එක්දින වැඩමුළුව පසුගියදා (15) ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේදී පැවැත්විණි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, නිවේදක අරුන් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් වැඩමුළුව මෙහෙයවන ලදි. ලංකා බැංකුව, ආයෝජන මණ්ඩලය, දංකොටුව පෝසිලේන්, රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතන නියෝජනය කරමින් මෙන්ම පෞද්ගලිකව උනන්දුවක් දැක්වූ තවත් පිරිසක් ද මේ වැඩමුළුවට සහභාගි වීම විශේෂත්වයක් විය.
වැඩමුළුව අවසානයේදී ඊට සහභාගි වූ අය වෙත සහතික පත්‍ර ප්රදානය කළ අතර, එම අවස්ථාවට ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, නීති හා පරිපාලන අධ්යක්ෂ නීතිඥ ජනක රණතුංග, මෙහෙයුම් අධ්යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, මුදල් අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහත්වරු ද සහභාගි වූහ.