298
සුනිල් ප්‍රේමරත්න තිර රචනය සහ අධ්‍යක්ෂණය කළ සහ නීල් සංජීව සමඟින් සංගීත් අල්ගම නිෂ්පාදනය කළ “ලොක් ඩවුන්” චිත්‍රපටය අද (18) සිට ශ්‍රී ලංකාව පුරා ඇති සිනමා ශාලා තුළ තිරගත වීමට නියමිතය. මෙහි රොෂාන් රණවන හා චූලක්ෂි රණතුංග ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, හඳුන්වා දෙන අශ්ලි ලියානා ළමා චරිතය නිරූපණය කරයි. මීට අමතරව මීනා කුමාරි, කුමාර තිරිමාදුර, ධනංජි තාරුකා, ගයනා සුදර්ශනී, සහන් විජේසිංහ සහ කුමාර වඳුරැස්ස ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.