බංකොලොත්භාවයෙන් රට ගොඩ ගැනීමට නම් ගජමිතුරු ධනවාදය නතර කර හොරු අල්ලා කම්කරුවා හා ව්‍යාපාරිකයන් ශක්තිමත් කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රජයට ළං වූ පමණින් විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලැබූ යුගය අවසන් කළ යුතු බවත් සම භූමියක් තුළ මෙරට ව්‍යාපාරවලට තරග කිරීමේ අවස්ථාව ලබා දෙනවා සේම වැඩ කරන ජනතාවත් මෙම ප්‍රගතියේ කොටස්කරුවන් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම දූෂණය, වංචාව, හොරකම තුරන් කළ යුතු බවත් මේ රට විනාශ කළ කොල්ලකන ලද දූෂිත කණ්ඩායම් හොරා කාපු අරමුදල් නැවත රටට ලබාගෙන එම හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් අහිමි වූ සම්පත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නැවත ලබා ගැනීම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කමිටුව මෙරට ව්‍යාපාරිකයන් සමඟ පැවැත්වූ අවස්ථාවේදීය.