Home » ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

by yasara
August 17, 2023 9:14 am 0 comment

sport news

හංගේරියාවේ , බුඩාපේස්ට් නුවර පැවැත්වීමට නියමිත 2023 – ලෝක මළළ ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 10 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම  අද (17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙයි.

ක්‍රීඩකයින් 06 දෙනෙකු, එක් ක්‍රීඩිකාවක සහ නිලධාරීන් තිදෙනෙකුගෙන් මෙම ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා  කණ්ඩායම සමන්විත වී තිබිණි.

ඔවුන් මෙම තරගාවලියේ දී මීටර් 400 , මීටර් 400 × 4 සහාය දිවීම සහ හෙල්ල විසි කිරීම යන ඉසව් සදහා සහභාගී වීමට නියමිතය .

කුරුණෑගල , කොළඹ , ත්‍රිකුණාමලය සහ රත්නපුර ප්‍රදේශ වල පදිංචිකරුවන් වන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස සියලු දෙනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරති.

කාලිංග කුමාරගේ , අරුණ දර්ශන , පබසර නිකූ , රජිත රාජකරුණා , පසිදු කොඩිකාර , දිනුක දේශාන් සහ දිල්හානී ලේකම්ගේ මෙම ක්‍රීඩක පිරිසට අයත් වූහ .

මෙසේ පිටත්ව ගිය මීටර් 400 × 4 සහාය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කාළසීමාවේ ලෝකයේ හොදම දෙවන කාළය වාර්තා කළ කණ්ඩායම වන අතර ඔවුන් දෙවැනි වී සිටින්නේ ඇමෙරිකා එක්සත් කණ්ඩායමට පමණි .

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT