Home » බොල්තුඹේ මහා සමන් දේවාලයේ ඇසළ පෙරහර අද

බොල්තුඹේ මහා සමන් දේවාලයේ ඇසළ පෙරහර අද

by sachintha
August 17, 2023 8:15 am 0 comment

බලන්ගොඩ බොල්තුඹේ ඓතිහාසික මහා සමන් දේවාලයේ 2023 වසරේ ඇසළ මහා පෙරහර මංගල්‍යය අද (17) දා සිට සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වෙන බව බස්නායක නිලමේ සිසිර ජිනේද්‍ර පරණගම මහතා පැවැසීය.

ඊයේ (16) දා රාත්‍රියේ පැවැත්වූ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් පසුව පෙරහරේ කටයුතු ආරම්භ කෙරුණ බව ඒ මහතා කීය. අගෝස්තු මස 17 වැනිදා සිට අගෝස්තු මස 27 වැනිදා දක්වා උඩමළුවේ පෙරහර මංගල්‍යය පැවැත්වේ.

අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා රන්දෝලි මහා පෙරහර පැවැත්වීමට නියමිත බව බස්නායක නිලමේවරයා කීය.
සැප්තැම්බර් 02 වැනිදා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වෙන අතර, එදින දහවල් පෙරහර මංගල්‍යය පැවැත්වීමෙන් පසුව ඇසළ පෙරහර මංගල්‍යය අවසන් වන බවද සිසිර ජිනේද්‍ර පරණගම මහතා කීය.

බලන්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT