සේවා ව්‍යවස්ථා ගැටලුව විසඳා දෙන්නේනම් “අස්වැසුම” සුභසාධක ප්‍රතිලාභ සම්බන්ධ ගැටලුවට මැදිහත්වීමට සූදානම් බව ග්‍රාම නිලධාරී සංගම් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී පැවසීය.
ග්‍රාම නිලධාරී සංගම් මේ පිළිබඳ පැවසුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
ග්‍රාම නිලධාරී සංගම් සමග අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම කාරක සභාවේදී සිදු වූ අතර මෙහිදී ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දන්නේ “අස්වැසුම” සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනා සම්න්ධයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් නැති බවයි. මන්ද මේ
පිළිබඳ රාජකාරීවලින් සමෘද්ධි නිලධාරීන් ඉවත් වීමෙන් පසු ග්‍රාම නිලධාරීන් වෙත පීඩනය ලබාදීම සුදුසු නැති බවත් ඔවුහු පෙන්වා දුන්හ.
විශේෂයෙන්ම මේ වන විට “අස්වැසුම” සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් ලැබී ඇති පසුබිමක ග්‍රාමනිලධාරීන් මැදිහත්වී මෙම කාර්ය සිදු කිරීම නුසුදුසු බව ග්‍රාම නිලධාරී සංගම් වල අදහස වූ,අතර සමෘද්ධිය කපා දැමුවේය යන චෝදනාව ජනතාවගෙන් තමන් වෙත ලබාගැනීමට සූදානම් නැති බව ඔවුහු පෙන්වා දුන්හ.
එසේ මැදිහත් වුවහොත් තම ග්‍රාමසේවා වසම් වල ජනතාව තමන් සමග වෛර බැඳගැනීමට සූදානම් වනු ඇති බවද ඔවුහු සඳහන් කළහ. නමුත් ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් මේ වන විට සේවා ව්‍යවස්ථාවක කෙටුම්පතක් සකස්කොට සාකච්ඡා කිහිපයක්ම සිදු කොට ඇති බවත් ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් විසදුමක් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටියේය.
මේ අනුව සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුව විසඳා දෙන්නේ නම් අස්වැසුම වැඩසටහනට අදාළ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන්නේ දැයි මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාඨලී චම්පික රණවක මහතා විමසා සිටි අතර එහිදී ඒ වෙනුවෙන් එකඟ වන බව ග්‍රාම නිලධාරී සංගම් සඳහන් කළේය.
මේ අනුව ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත දැනුම්දීමට කටයුතු කරන බවත් මෙහිදී සභාපතිවරයා සඳහන් කළේය. එසේම අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය යටතේ රාජකාරිය ඉටු කිරීමට ග්‍රාම නිලධාරීන් බලාත්මක කිරීමේ ලිපියක් නිකුත් කරන ලෙසත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දැනුවත් කිරීම සිදු කරන ලදි. තවද ගෘහමූලික ලැයිස්තු සඳහා දත්ත වේදිකාවක් සකස් කිරීම මගින් අවශ්‍ය තොරතුරු එම දත්ත වේදිකාව හරහා ලබාගැනීමේ හැකියාව සොයා බලන ලෙසද සුබසාධක ප්‍රතිලාභ
මණ්ඩලය වෙත දැනුම්දීමද මෙහිදී සිදු විය.
එසේම 2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනත මගින් දඩුවම් දීමේ ක්‍රමයක් පිළිබඳ සඳහන් වන බවත් මේ සම්බන්ධයෙන්ද ගැටලුවක් පවතින බවත් ග්‍රාම නිලධාරී සංගම් පෙන්වා දුන්නේය. ඒ අනුව දඩුවම්දීම සම්බන්ධයෙන් වන ගැටලුවට නීතිමය වශයෙන් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.
තවද අස්වැසුම ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 08 ජනතාවක් සිටින බවත්, තවත් ලක්ෂ 12 පමණ පිරිසකට අස්වැසුම සහනාධාරය ලබාදීමට හැකි බවත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළේය.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සංජීව එදිරිමාන්න යන මහත්වරු සහභාගී වූහ.