Sunday, April 20, 2025
Home » නැවත සිටුවන ලද පඬු කරඳ ශාකයට පුද සත්කාර

නැවත සිටුවන ලද පඬු කරඳ ශාකයට පුද සත්කාර

by yasara
August 17, 2023 2:26 pm 0 comment

ගලවා කපා වල දමා දමා තිබියදී අධිකරණ නියෝගයෙන්   ගොඩ ගෙන  ගම්පහ උද්භිත උද්‍යානයේ නැවත සිටුවන ලද පඬු  කරඳ (crudia  zeylanica ) ශාකයට පිරිත් පැන් ඉසීමට ඊයේ  (16) මහා සංඝරත්නය පියවර ගත්හ

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ  දාරළුව ප්‍රදේශයේ දී හමු වූ  ලෝකයෙන් වඳ වීමේ තර්ජනයට ලක්වූ බවට ප්‍රකාශයට පත්කර තිබූ පඬු  කරද ශාකය එම ස්ථානයෙන් ගලවා  එම ශාකයේ කඳ කොටස   ඊට මීටර් 200 ක පමණ දුරින්  වල දමා තිබියදී පසුගිය මාසයේ 28 වන දින ගම්පහ  මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත නැවත ගොඩ ගෙන ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ නැවත සිට වනු ලැබීය.

පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරිය සමිත ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය  එම පඬු කරද ශාකය සිටුවා ඇති  ස්ථානයට ගොස් පිරිත් සජ්ජායනා කිරීමෙන් අනතුරුව පිරිත් පැන් ඉසීමට කටයුතු කෙරිණි.

ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවිනි ගෝමස්  මහත්මිය කියා සිටියේ  මෙම පාඩු කරද ශාකය තව දුරටත් රැක බලා ගැනීමේ කටයුතු සිදු කරන බවත් මෙම ශාකය නැවත රෝපණය වීම පිළිබදව නිශ්චිතව  පැවසිය නොහැකි බවත්ය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT