Home » මහනුවර සිව් මහා දේවාල වෙත ගෙනා “කප” සුබ මෙහොතින් සිටුවයි

මහනුවර සිව් මහා දේවාල වෙත ගෙනා “කප” සුබ මෙහොතින් සිටුවයි

by chanaka
August 17, 2023 2:20 pm 0 comment

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ කප්සිටුවිමේ චාරිත්‍රය සිව්මහ දේවාල වලදී අද(17) අළුයම සිදු කෙරුණි.

සෙංකඩගල ඇසල පෙරහැර මංගල්‍යයේ කප කැපීම සහ කප වැඩම කිරීම ඊයේ අලුයම යෙදුනු සුබ මොහොතින් සිදු විය.

මහනුවර දේවාලය හා අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය එක්ව කිරි සහිත ඵල නොදැරූ ගසක් රිදී පොරවකින් කැපීම සිදු කළේය. ඒ සඳහා තෝරාගත් ගස වටා පිරිසිදු කර තිර ඇද සුවද පැනින් නාවා දුම් ඇල්ලීමෙන් අනතුරුයි මෙම කාර්ය සිදු කෙරුණි.

මහනුවර විශ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්නායක මහතා විසින් රිදී පොරව භාරදී අදාළ වෘක්ෂය කැපීමට අවසර ලබාදීම සිදු කළේය. ඉන් පසු සකස් කරන ලද එම කප සුදු රෙදිකඩින් ඔතා උඩු වියන් යටින් පෙරහැරින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ඇතුපිටින් වැඩම කිරීම සිදු විය.

මෙසේ වැඩම කළ කප විෂ්ණු ,නාථ , පත්තිනි හා කතරගම යන සිව්මහා දේවාල වල සිටුවීම අද අළුයම සිදු කෙරුණි.

ඒ අනුව 2023 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් ප්‍රථමයෙන් ඉටුකළ පුරාතන චාරිත්‍රය එසේ අවසන් වන විට අද දින පටන් නාථ, විශ්ණු, කතරගම හා පත්තිනි යන සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර ආරම්භ වනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT