රත්නපුර මහ නගර සභාවට අයත් කණාදොල පිහිටි කුණු කන්ද දැනට දින හතක් තිස්සේ උදේ දවල් රාත්‍රී පුරාවටම කන්දෙ තැනින් තැන සුළු සහ මධ්‍යම වශයෙන් ගිනි ගැනීමකට ලක් වී ඇති බව වාර්තා වෙයි
් හේතුවෙන් අවට ප්‍රදේශය අධික විෂ දුමෙන් වැසි ගොස් ජනතාව දැඩි අපහාසුතාවයන්ට පත්ව තිබෙයි
රත්නපුර නගර සභාවෙි ගිනි නිවීමේ ඒකකයට අයත් ගිනි නිවීමේ රථ මගින් ගින්න නිවා දැමිමට පැය 24 පුරාම ජලය පොම්ප කරමින් ඇති අතර ගින්න සම්පූර්ණයෙන්ම නිවා දැමීමට ගිනි නිවීමේ ඒකකයට මෙතෙක් හැකි වි නොමැති.
මෙලෙස පැතිර යන ගින්න නිවීම සදහා ජලය ලීටර් ලක්ෂයකට ආසන්න ජල කන්දරාවක් මෙි දක්වා වැයකර ඇති අතර තව දින කිහිපයක් මෙම ගින්න පැවතියහොත් ගින්න නිවිම සදහා මෙි අන්දමට ජලය දැමිමට වුවහොත් නගර වැසියන්ට පානිය ජල ප්‍රශ්නයකට මුහුණ දීමට වුව ද සිදුවිය හැකිි බව ජනතාව පවසති.