642
සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ ඊයේ (16) සවස් කාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙයි
ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භුමි ප්රමාණයක් විනාශ වී ඇති අතර දේපළ හානි කිසිවක් වාර්තා නොමැති බව පොලිසිය සඳහන් කරයි.
සාලියවැව පොලිසිය ,යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගෙ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බව සඳහන් වෙයි
ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සඳහන් කරයි