Sunday, April 20, 2025
Home » තබ්බෝව රක්ෂිතයේ ගින්නක්

තබ්බෝව රක්ෂිතයේ ගින්නක්

by yasara
August 17, 2023 10:58 am 0 comment

fire thabbowa

සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ ඊයේ (16) සවස් කාලයේ  හදිසි ගින්නක් හටගෙන තිබෙයි

ගින්න හේතුවෙන් අක්කර 50ක පමණ භුමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර දේපළ හානි කිසිවක් වාර්තා නොමැති බව පොලිසිය සඳහන් කරයි.

සාලියවැව පොලිසිය ,යුධ හමුදාව හා කරුවලගස්වැව අඩවි වන නිලධාරීන්ගෙ සහාය ඇතිව ගින්න මැඩපවත්වා ඇති බව සඳහන් වෙයි

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් මේ සම්බන්ධව සාලියවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් සඳහන් කරයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT