Home » ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

ගලබොඩ දිය ඇල්ල අවට ප්‍රදේශය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට

by yasara
August 17, 2023 10:42 am 0 comment

waterfall

නාවලපිටිය, ගල‌බොඩ දිය ඇල්ල හා ඒ අවට ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගැනීමේ අරමුණින් එහි පහසුකම් සංවර්ධනය කිරීමේ ඇති හැකියාවන් පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා නිරතවිණි.

පස්බාගේ කෝරළයේ ප්‍රාදේශිය සභාව විසින් මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් හැකි උපරිම අයුරින් සපයන බවත්, එම කටයුතු තවදුරටත් සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ඊට සුදුසු පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා මෙහෙදී පැවැසීය.

පවත්නා වියළි කාලගුණික තත්ත්වය තුළ වුවත් ගලබොඩ දිය ඇල්ලේ ජලය ඉතාමත් සක්‍රීය ලෙස පැවැති අතර, මෙම නිරීක්ෂණ චාරිකාව පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභාව සහ මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය එක්ව සංවිධානය කොට තිබිණි.

මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති නීතිඥ ජානක සකලසුරිය, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්,පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් සමීර රත්නායක, පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය සභාවේ ලේකම් ප්‍රියංකා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT