මධ්‍යසාර බෝතල් මත ව්‍යාජ ස්ටිකර් ඇලවීම සම්බන්ධයෙන් වාර්තාවන සිද්ධවලට අදාළ පාර්ශ්වයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වන්නේ කොතරම් දැවැන්ත මධ්‍යසාර නිෂ්පාදන සමාගමක් වුව ද නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සියලුම මධ්‍යසාර නිෂ්පදනාගාර අධීක්ෂණය සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පත් කර ඇතැයි පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වරද නිලධාරීන්ගේ නම් ඔවුන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (17) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.