Home » පාර්ලිමේන්තුවේ කමිටු කාමර ගැන පළවන වාර්තා අසත්‍යයි

පාර්ලිමේන්තුවේ කමිටු කාමර ගැන පළවන වාර්තා අසත්‍යයි

by chanaka
August 17, 2023 5:03 pm 0 comment

පාර්ලිමේන්තු කමිටු කාමරයකින් කොට්ට දෙකක් සහ මෙට්ටයක් හමුවී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශය පිළිබඳ 2023 ජූලි 30 සහ ඒ ආසන්න දිනවල මාධ්‍යවල පළ කරන ලද වාර්තා සම්බන්ධයෙන් මූලික විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කොට මේ වන විටත් විමර්ෂණ සිදු කෙරෙමින් පවතින බවද මහ ලේකම්වරිය තවදුරටත් සඳහන් කළාය.

මේ වන විට අදාළ කරුණු සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති එක් නිලධාරියෙකුගේ වැඩ තහනම් කොට ඇති අතර, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවිකාවන්ට, අදාළ කමිටු සාමාජිකාවන් පෞද්ගලිකව හමුවී හෝ දුරකථන හෝ ඊ-මේල් මාර්ගයෙන් අදාළ කරුණු සම්බන්ධව දැනුවත් කිරීමේ අවස්ථාව ලබා දී තිබේ.

එකී කරුණු සම්බන්ධව අදාළ කමිටු සාමාජිකයන්ට අමතරව පාර්ලිමේන්තුවේ මහ ලේකම් සහ සහකාර මහ ලේකම් වෙතද තොරතුරු ඉදිරිපත් කළ හැකි බව අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් දන්වා ඇති බවද රෝහණදීර මහත්මිය සඳහන් කළාය.

මේ වන විට අදාළ කමිටු විමර්ෂණ අපක්ෂපාතීව සිදු කෙරෙමින් පවතින අතර කිසියම් නිලධාරියෙකුට එරෙහි චෝදනාවක් තහවුරු වුවහොත් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් මහ ලේකම්වරිය අවධාරණය කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT