ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය ලැබීම දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථිකය පිළිබඳ සුබවාදී පණිවිඩයක් ලබා දෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
දූෂණ මර්දනය, මූල්‍ය විනය පවත්වාගෙන යාම, විනිවිදභාවය ඇති කිරීම ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගෙන තිබීම ඊට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන ණය පහසුකමේ දෙවැනි වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ මුදලක් ලැබීමට නියමිත ය. සේමසිංහ මහතා මේ අදහස් පළ කළේ Unlocking the power of taxesමැයෙන් ඊයේ (16) කොළඹ පැවැති කථිකාව අමතමිනි.
එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
“මෙරට ආර්ථිකය නිසි මාවතට අවතීර්ණ වී තිබෙනවා. උද්ධමනය පහළ යමින් රුපියලේ ස්ථාවරභාවය ඇති වෙමින් තිබෙනවා. දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් පසු තව දුරටත් ජීවින වියදම පහළ බසිනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීම, ඊට තවත් පහසුවක් වේවි.
අර්බුදයෙන් පාඩම් ඉගෙන ගැනීම නිසි පරිදි සිදු කළ රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තරය හමුවේ කතා බහට ලක් වෙමින් ඇතැයි පෙන්වා දුන් අමාත්‍ය සේමසිංහ මහතා රට තුළ මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ වසර ගණනාවක් විවිධ ආණ්ඩු විසින් සිදු කිරීමට අපේක්ෂා කළ, එහෙත් මග හැරුණු තිරසාර ආර්ථිකයක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරයන් බව අවධාරණය කළේය.
දූෂණ මර්දනය සඳහා නිතී ඇති රටක්, විනිවිදභාවය ඇති රටක්, මූල්‍ය විනය ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බව සේමසිංහ මහතා සඳහන් කළේ ය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම බදු විනිවදභාවය ඇති කිරීමේ ප්‍රධානයතම පියවර බව කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එහි මුල් පියවර ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැමිස් පද්ධතිය ලබන මාසය වන විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවයි.