මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයකු වන මොහොමඩ් නජීමි ඉමිරාන් නොහොත් කංජිපානි ඉම්රාන් යන අයගේ කණ්ඩායමේ සාමාජිකයෙකු හොරයින් මත්කුඩු ගෑම් 10 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාර අසල දී ය
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කඳවුරට අනුයුක්තව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන රැල්ල මර්ධනය කිරීම සඳහා පවත්වාගෙන යනු ලබන B කලාපයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යූ. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත උ.පො.ප. ජේ.එ.එ.ආර්. චාමර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මාලිගාවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සමග ඒකාබද්ධව වැටලීම සිදුකර ඇත
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිසිය වෙත භාර දී තිබෙයි