ආබාධිත සහ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් පිරිනමන දීමනාව පෙර පැවැති ආකාරයෙන්ම දීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව වකුගඩු රෝගීන්, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව පෙර පැවති පරිදි ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර තිබෙන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරනතුරු “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා නොවෙනස්ව, පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ ගෙවීම සිදු කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනකු සඳහා වැඩිහිටි දීමනාවත් 88,602 දෙනකු සඳහා ආබාධිත දීමනාවත් 41,119 දෙනකු සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබා දීමට නියමිත බව ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව පවතී.
මහින්ද අලුත්ගෙදර