Home » වේල්ස් කුමර වසර 18කට පසු 17න් පහළ අව­සන් තර­ග­යට

වේල්ස් කුමර වසර 18කට පසු 17න් පහළ අව­සන් තර­ග­යට

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි

අන්තර් පාසල් අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මොරටුව වේල්ස් කුමර විදුහල ඊයේ (15) සමත් විය.

වේල්ස් කුමර විදුහල මෙලෙස අවුරුදු 17න් පහළ වයස් සීමාවේ අවසන් තරගයකට සුදුසුකම් ලැබුවේ වසර 18කට පසුව වීම විශේෂත්වයකි.

කටුනායක ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී පසුගිය වර සම ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විදුහල කඩුලු 2කින් පරාජය කිරීමට වේල්ස් කුමර ක්‍රීඩකයෝ සමත් වූහ.

ත්‍රිත්ව – 171/9 (ඕවර 50) විදුනෙත් ​​දම්මගේ 37, චනිරු සේනාරත්න 34, මහේන්ද්‍ර අබේසිංහ 26 (නෙතුල් අනුහස් 35/3, ඔෂාන් මනීෂ 44/2)

වේල්ස් කුමර – 172/8 (ඕවර 47.3) පසන් කුරේ 38, ඔෂාන් මනීෂ 37, ප්‍රින්ස් ප්‍රනාන්දු නොදැවී 26 (කණිල්ක අන්තෝනි 24/3)

මොරටුව සාන්ත සෙබස්තියන් කඳාන දි මැසිනෝද් අවසන් පූර්ව තරගය අද

මේ අතර, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (16) කටුනායක ආයෝජන කලාප ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල සහ කඳාන දි මැසිනෝද් විදුහල අතරය.

සාන්ත සෙබස්තියන් සහ දි මැසිනෝද් විදුහල් පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයන් ලෙස දෙවැනි වටයට පිවිසීමට සමත් විය. සෙබස්තියන් පිල දෙවැනි වටයේදී කුරුණෑගල සාන්ත ආනා, 3 වැනි වටයේදී කොළඹ නාලන්දා සහ අර්ධ අවසන් පූර්ව වටයේදී බම්බලපිටිය සාන්ත පීතර විදුහල් පරදවා අවසන් පූර්ව වටයට පිවිසියේය. දි මැසිනෝද් විදුහල දෙවැනි වටයේදී මාතලේ සාන්ත තෝමස්, තෙවැනි වටයේදී කොළඹ රාජකීය, අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර සාන්ත සර්වේශස් විදුහල් පරාජය කළේය.

මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල විමාත් දින්සර විසින් ද, කඳාන දි මැසනෝද් විදුහල ජනිත් කරින්ද්‍ර විසින් ද මෙහෙයවනු ලබති.

සා. සෙබස්තියන් සංචිතය: විමාත් දින්සර(නායක), අදීෂ අල්මේදා, ආකාෂ් දිසානායක, ෂෙෆාන් ප්‍රනාන්දු, කවීෂ පෙරේරා, ෂෙනුක පීරිස්, කොෂේන්ද්‍ර ප්‍රනාන්දු, මලින්ත සිල්වා, නෙතුජ ප්‍රනාන්දු, ලශේන් ප්‍රනාන්දු, ඩිල්ෂ පෙරේරා, මෙෂොන් ප්‍රනාන්දු, ෂෙකෙම් ප්‍රනාන්දු, සන්දිනු පීරිස්, රයන් සිල්වා, ලිනාෂ් ගමගේ, කනිල්ක පෙරේරා (ක්‍රිකට් භාර ආචාර්ය), බ්‍රැඩ්මන් එදිරිවීර (ප්‍රධාන පුහුණුකරු).

දි මැසිනෝද් සංචිතය: ජනිත් කරින්ද්‍ර (නායක), කවීන් නෙත්මිණ, සෙමිත් ඉන්ද්‍රචාප, මෙවන් ජයවීර, තරීන් සංකේත්, ෂෙවාන් වෙල්ගම, සවිනු කළුතරආරච්චි, දිනිදු හංසෙස්, ශාලුක සල්ගාදු, දෙවිඳු නදීර, හසරු ශිවගුරුනාදන්, රවින් සිල්වා, ෂෙනේෂ් දම්සිත්, නිපුණ ප්‍රනාන්දු, අයොන් ප්‍රනාන්දු, රනේෂ් සිල්වා, ඩිනෝෂ් ජෙලෝන්, මලික් කීර්ති (ක්‍රිකට් භාර ආචාර්ය), මධුෂ මිහිරාන් (ප්‍රධාන පුහුණුකරු), චරිතංග ලක්ෂාන් (සහාය පුහුණුකරු).

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT