Monday, April 21, 2025
Home » කහතුඩුව යකඩ වැඩපොළේ සිද්ධිය: ඉන්දියානු ජාතික තරුණයෙක් දැඩි සත්කාර ඒකකයේදී මිය යයි

කහතුඩුව යකඩ වැඩපොළේ සිද්ධිය: ඉන්දියානු ජාතික තරුණයෙක් දැඩි සත්කාර ඒකකයේදී මිය යයි

by mahesh
August 16, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් තුළ දී කෝවේන් යකඩ දියර පිටතට විසි වීමෙන් බරපතළ තුවාල ලැබූ ඉන්දියන් ජාතික තරුණයෙකු දින 10 කට පසු මියගිය බව කහතුඩුව පොලිසිය සඳහන් කරයි.

මියගොස් තිබුණේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දවාරිකනත්පුර් හි පදිංචිව සිටි දිපාක් කුමාර් නමැති 22 හැවිරිදි තරුණයෙකි.

එම තරුණයා මිය ගොස් තිබුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මියගිය තරුණයා ඉකුත් 5 වැනි දින රාත්‍රී වැඩමුරය සඳහා කර්මාන්ත ශාලාව වෙත පැමිණ තවත් ඉන්දියන් ජාතිකයන් 6 දෙනෙකු සමග කෝව තුළට යකඩ දමමින් සිටියදී අනපේක්ෂිත අයුරින් කෝවේන් පිටතට යකඩ දියර විසි වීම හේතුවෙන් හත් දෙනකු තුවාල ලබා වෑතර රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව සියලුම දෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිලට රෝහල වෙත ඇතුළත් කෙරිනි.

අනතුර වන අවස්ථාවේදී කෝවට යකඩ හතරෙන් තුනක් පමණ දමා තිබී ඇති අතර ඒ වන විට යකඩ සෙන්ටිග්‍රේඩ් අංශක 1400 උෂ්ණත්වයකින් දියර බවට පත් වෙමින් තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

මියගිය තරුණයා ඇතුළු පිරිස තවදුරටත් කෝව තුළට පිටත සිට යකඩ විසි කරමින් සිටියදී අධික ලෙස උණුසුම්ව තිබූ යකඩ දියර විසි වීමෙන් ඔවුන්ගේ මුහුණ සහ හිස හැරෙන්නට ශරීරයේ සෑම ස්ථානයක්ම දැඩි ලෙස පිළිස්සුම් තුවාල ලබා තිබූ බව පොලිසිය කියයි.

තරුණයා එදින සිට කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව පොලීසිය කියයි.මියගිය තරුණයා ගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක මල්ලිකා සුගතදාස මහත්මිය ගේ අධීක්ෂණය යටතේ ඊයේ (15) සිදු කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT