Home » කුරණ වන රක්ෂිතයේ කසිප්පු තිප්පොළක් 

කුරණ වන රක්ෂිතයේ කසිප්පු තිප්පොළක් 

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

ඉංගිරිය පොලිස් වසමේ පිහිටි කුරණ වන රක්ෂිතයේ අති සංවේදී පරිසර කලාපයක පිහිටි ජල පෝෂක ප්‍රදේශයක් තුළ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටළා සැකකරුවන් පස් දෙනෙකු සමඟ ගෝඩා බැරල් 20ක් සිය භාරයට ගැනීමට ඉංගිරිය පොලිසිය සමත්ව තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් හඳපාන්ගොඩ,කුරණ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 25-45ත් අතර පසුවන්නෝ වෙති.

මොවුන් විසින් ඉංගිරිය,හඳපාන්ගොඩ,කිරිගල ඇතුළු තදාසන්න ප්‍රදේශ ගණනාවකට නීතිවිරෝධී මත්පැන් බෙදාහරින ලද බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර, ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල්,පොලිස් පරීක්ෂක සංජය,උප පොලිස් පරීක්ෂක තිලකරත්න,සැරයන්වරුන් වන (12892)ප්‍රියන්ත, (41102)ශාන්ත,(39530)සමන්,(70153)මෙන්ඩිස් හා කොස්තාපල්වරුන් වන(31571)ලොකුවිතාන,(79033)ලහිරු,(92558)මුණසිංහ, (102258)මදුමන්ත,(27929)ක්‍රිශාන්දන්,සිවිල් ආරක්ෂක උප නියාමක (29538)කුලතුංග යන අය විසින් වැටළීම සිදුකර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT