මීගමුව කුරණ ප්‍රදේශයේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානයක ශ්‍රී ලංකාව තුළ තහනම් ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන යොදා ගනිමින් සිරුර පැහැපත් කර ගැනීමටත් පෙනුම ලස්සන කිරීමටත් ඖෂධ එන්නත් කරමින් රූපලාවණ්‍ය ප්‍රතිකාර සිදු කරන බවට ලැබුණු තොරතුරකට අනුව 15 දින පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් විසින් එම ස්ථානය වටලනු ලැබිය.
මිගමුව කුරණ විජයපාරේ දෙමහල් නිෙවසක මෙම නීති විරෝධී ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබුණි.
මෙම මධ්‍යස්ථානයේ තිබී ශ්‍රීලංකාව තුළ භාවිතයට අවසර ලබා දී නොමැති ලක්ෂ 10 කට වැඩි වෙෙළඳපොළ වටිනාකමක් ඇති විදේශයන්හි නිෂ්පාදිත විවිධ වර්ගයේ එන්නත් ඇතුළු ආලේපන රැසක් පාරිභෝගික අධිකාරියේ භාරයට ගෙන තිබේ.
මෙම එන්නත් සහ ආලේපන ද්‍රව්‍ය නීත්‍යනුකූල මාර්ගවලින් මෙරටට ආනයනය කර නොමැති බව මෙතෙක් සිදු කල විමර්ශනවලදී අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
වැඩිදුර විමර්ශනවලින් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම තහනම් ඖෂධ සහ ආලේපන ගබඩාකර මුද්‍රා තැබීමට කටයුතුකර ඇත.