රඹුක්කන පත්තම්පිටිය නැටියපාන ප්රදේශයේ නිවෙසක ඉතා රහසිගත ලෙස කාලයක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 10ක් හා පෙරීමට ගන්නා උපකරණ තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පැවසීය.
පොලිසිය සඳහන් කළේ, රඹුක්කන පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව මෙම මිලිලීටර් ලක්ෂ 18ක් ඇතුළත් ගෝඩා බැරල් 10 අත්අඩංගුවට ගත් බවයි. සැකකරු කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්මව හා රහසිගත ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත්, පොලිස් සැරයන්වරයකුට ලද තොරතුරකට වැටලීම සිදු කළ බවත් අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කීය.
රඹුක්කන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අර්ජුන වික්රමසිංහ, උප පොලිස් පරීක්ෂක ජයතිලක, පොලිස් සැරයන්වරුන් වන සුරංග (14341), මධුර (70134), පොලිස් කොස්තාපල්වරුන් වන තෙන්නකෝන් (79838), ඉසුරංග (104204), රාජකරුණා (100010) යන නිලධාරීන් වැටලීම සිදු කර තිබුණි.