Wednesday, April 23, 2025
Home » නාගොඩ රෝහලේ ලිෆ්ට් එකේ යනවා කියන්නේ මාරක ළිදේ යනවා වගෙයි

නාගොඩ රෝහලේ ලිෆ්ට් එකේ යනවා කියන්නේ මාරක ළිදේ යනවා වගෙයි

by mahesh
August 16, 2023 1:05 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

කළුතර ශීක්ෂණ රෝහලේ ප්‍රධාන ගොඩනැඟිල්ලේ විදුලි සෝපානය කාලයක සිට වරින්වර ලෙඩවීමෙන් රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් බැලීමට පැමිණෙන අයවලුන්ද අපහසුතාවයකට පත්වන බවට ඔවුහූ චෝදනා නගති.

එහි ගමන් කිරීම මාරක ළිදේ ගමන් කිරිමට සමාන බවටත් එහි ගමන් කරන්නන් පවසති.

ගොඩනැඟිල්ලේ දෙවන සහ තුන්වන මහල්හී ශල්‍යකර්ම වලට භාජනය කළ රෝගීන් ඇතුළත් කරන වාට්ටු කිහිපයක්ද ස්ථාපිතව ඇති බැවින් විදුලි සෝපානයේ නිසි ක්‍රියාකාරිත්වය නොමැති අවස්ථාවල එහි රෝගීන් මහත් අපහසුතාවයට පත්වන අයුරු දැකගත හැකිවිය.

හිටිහැටියේම ක්‍රියාවිරහිතවීමෙන් එහි ගමන් කරන්නන් අවස්ථා කිහිපයකදීම සිරවී සිට ඇති බවත්, ගැබිනි සුළු සේවිකාවක් මෙන්ම අට දෙනෙකුගෙන් යුත් පිරිසක්ද විනාඩි 20 කට අධික කාලයක් සිරවී සිට පසුව බේරාගෙන ඇති බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මේ හේතුවෙන් ඉදිරියේදී විශාල අනතුරක් වීමට ඉඩකඩ පවතින බැවින් , කඩිනමින් මේ සම්බන්දයෙන් සොයාබලන ලෙස බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳ අදහස් දැක්වූ නම සදහන් කිරීමට මැලිවූ ජේෂ්ඨ ප්‍රකාශිකාවක් මෙසේ පැවසීය. එම ගොඩනැඟිල්ලේ වැඩ තවම අවසන් නැති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින බැවින් අපට නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. ගැටලුව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුවත් කරලයි තියෙන්නේ. ඉදිරියේදී මේ අපහසුතාවයට විසදුම් ලැබේවී යනුවෙන් පැවසීය .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT