Home » දස ලක්ෂයකට කපුවාට විකුණන්න ගිය ගජමුතු දෙක අතේ මාට්ටු

දස ලක්ෂයකට කපුවාට විකුණන්න ගිය ගජමුතු දෙක අතේ මාට්ටු

සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

by mahesh
August 16, 2023 1:00 am 0 comment

කොටදෙණියාව සමූහ එම්. පුෂ්පකුමාර ගම්පහ ටොනි කරුණානායක

රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා ගජමුතු දෙකක් දිවුලපිටිය ප්‍රදේශයේ කපුවෙකුට විකිණීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු පෙරේදා (14) අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසයි.

ඒකල ගුවන් හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දිවුලපිටිය පොලිසිය මෙම වැටලීමට පියවර ගෙන තිබිණි. සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිට දිවුලපිටිය කපුවකු වෙත විකිණීම සඳහා මෙම ගජමුතු යුගලය රැගෙන විත් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම සැකකරුවන් ගජමුතු රැගෙන එන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරින්ගෙන් ලත් තොරතුරු අනුව හොරගස්මුල්ල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කරනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට පත්වූ සැකකරුවන් හෝමාගම සහ කිතුල්ගල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වී ඇත. සැකකරුවන් මෙම ගජමුතු ලබාගත් අන්දම අනාවරණය කර ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT