Monday, April 21, 2025
Home » මවුපියන්ට බරක් කියා සිසුවිය ගෙල වැලලාගෙන

මවුපියන්ට බරක් කියා සිසුවිය ගෙල වැලලාගෙන

by mahesh
August 16, 2023 1:00 am 0 comment

බදුල්ල - නිශාන්ත අබේගුණවර්ධන

බ/ලුනුගල ශ්‍රී රාම ක්‍රිෂ්ණ මහා විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් පෙරේදා (14) දින ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි ලුණුගල පොලිසිය පවසයි.

ලුණුගල සෝලන්ඩ්ස් තේ වත්තේ නිල නි‍ෙවසක් තුළදී මෙසේ මියගොස් ඇත්තේ විජේකුමාර් බබිලාශිනි නමැති 19 හැවිරිදි ශිෂ්‍යාවකි.

වතු කාර්මික නිලධාරියෙකු වන පියා රැකියාව සඳහා යැමෙන් පසු ඇයගේ මව ද ලුනුගල නගරයට ගොස් ඇති බවත් මියගිය තරුණිය පාසල් නොගොස් නි‍ෙවසේ නතරව සිට ඇති අතර නි‍ෙවසේ කවුරුත් නොසිටි අවස්ථාවේ දී මෙලෙස ගෙල වැලලාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලිසිය පවසයි.

නි‍ෙවසේ ඉදිරි කාමරයේ දොර ඇර මෝල් ගසක එක් පැත්තක් දොර පියන උඩින් සහ අනෙක් පැත්ත යාබදව තිබු අල්මාරියක් උඩ රඳවා පුටුවක් උඩ නැඟ ඇයගේ ඇඳුමකට අයත් සොල් පටියෙන් (රෙදි පටිය) ගෙල වැලලාගෙන පුටුවෙන් පැන ඇති බවට සැක කෙරෙන බවත් පොලිසිය පවසයි.

දරුවන් තිදෙනෙකු ගෙන් යුත් පවුලක බාලම දරුවා ඇය බවත් වැඩිමහල් සහෝදරිය විශ්වවිද්‍යාලයේත් සොහොයුරා කාර්මික විද්‍යාලයකත් අධ්‍යාපනය හදාරයි.

නි‍ෙවසේ මේසයක් මත තිබී ඇය විසින් ලියූ බවට සැක කෙරෙන ලිපියක් හමුවී ඇති අතර එම ලිපියේ මව්පියන් හට බරක්වීමට අකමැති බැවින් සියදිවි නසාගත් බව සඳහන් ව ඇතැයි ද වාර්තාවේ .

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT