මහරගම ශාන්ත මරියා රෝමානු කතෝලික දේවස්ථානයට පෙරේදා අලුයම 2ට පමණ ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 5කට අධික වටිනා රූපවාහිනී යන්ත්‍ර හතරක් සොරාගෙන ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මුහුණු වසාගෙන පා ගමනින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනා ජනේලයක් කැඩීමට උත්සාහ දරා අසාර්ථක වීමෙන් අනතුරුව දොරකට ඉහළින් තිබෙන කවුළුව තුළින් කම්බියක් දමා දොර පොල්ල ඉවත්කර දේවස්ථානයට ඇතුළු වන අයුරු එහි සවිකර තිබෙන සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව ඇත.
සොරා ගෙන තිබුණු රූපවාහිනි යන්ත්‍ර 4 (දේව මෙහෙයන් පවත්වන අවස්ථාවලදී යාඥා හා ගීතිකා බැතිමතුන්ට නැරඹීම සඳහා අල්තාරය වටා සවිකර තිබූ රූපවාහිනි යන්ත්‍ර හතර) විනාඩි පහළොවක් පමණ කොටි කාලයක් තුළදී සොරකම් කර ගෙන ගොස් ඇත.
සැකකරුවන් සිදුකරන සොරකම් සියල්ලම සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇත.
මාස හයක පමණ කාලයක් තුළදී මීට පෙර අවස්ථා පහකදී දේවස්ථානයට පැමිණ තිබූ සොරුන් පිං කැට කඩා මුදල් සහ රූපවාහිනි යන්ත්‍ර දෙකක් සොරාගෙන ගොස් තිබූ අතර එම සොරකම් සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය සමත් නොවූ බව බැතිමත්හු පවසති.