Tuesday, April 22, 2025
Home » කස මෝරා මසුන් කිලෝ 33කට 10,000ක දඩයක්

කස මෝරා මසුන් කිලෝ 33කට 10,000ක දඩයක්

by mahesh
August 16, 2023 1:00 am 0 comment

ත්‍රිකුණාමලය විශේෂ - ඒ.ටී.එම්.ගුණානන්ද

ධීවර කටයුතුවලදී ඇල්ලීමට තහනම් කස මෝරා මසුන් කිලෝ 33ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුට වරද පිළිගැනීම නිසා රුපියල් 10,000ක දඩයක් ගෙවන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ස්මයිල් පයාස් රසාක් මහතා නියම කළේය.

සාම්බල්තිව්, සල්ලිය ප්‍රදේශයේ ධීවර වාඩියක තබාගෙන සිටි පුද්ගලයෙකුට මෙසේ දඩ නියම විය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉෂාර ටී. කම්කානම්ගේ මහතාගේ උපදෙස් මත සංවර්ධන නිලධාරි ඒ. සජීවන් මහතා සැකකරු 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නාවික නෞකා විජයබා කඳවුරේ භට පිරිස් මෙම වැටලීම සිදු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT