Home » තෙලිකඩ ඇළ පාරක අත් බෝම්බයක්

තෙලිකඩ ඇළ පාරක අත් බෝම්බයක්

by mahesh
August 16, 2023 1:00 am 0 comment

එස් දීයගහගේ දකුණු පළාත් සංචාරක

තෙලිකඩ පොලිස් වසමට අයත් බූස්ස මැදවල ප්‍රදේශයේ කුඹුරුවලට ජලය ගලා යන ඇළ මාර්ගයක තිබී අත් බෝම්බයක් හමුවී ඇතැයි ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඇළ ඉවුරේ තිබූ කිසියම් බෝලයක් වැනි දෙයක් දුටු ප්‍රදේශවාසියකු එය බෝම්බයක් විය හැකි බවට සැක සිතා පොලිසියට දන්වා ඇත. ඒ අනුව පොලිසිය පැමිණ පරීක්ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ එය අත් බෝම්බයක් බවයි. පොලිස් නිලධාරීන් එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇති අතර අධිකරණයට කරුණු වාර්තා කොට එය නිෂ්ක්‍රිය කිරීම සඳහා නියෝගයක් ලබා ගන්නා බව තෙලිකඩ පොලිසිය කීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT