Home » ජනතාව පාරට බසිති
‘පස්සරට අලුත් බාර් එපා’

ජනතාව පාරට බසිති

by mahesh
August 16, 2023 1:00 am 0 comment

බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන

පස්සර 10 කණුව මංසන්ධියේ සුරාසැලක් අලුතින් ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි පවසා ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව පසුගියදා (13) එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වූහ. පස්සර නගරය තුළ සුරා සැල් පහක් තිබියදී නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරකින් සුරා සැලක් විවෘත කිරීම කිසිසේත්ම නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එහිදී උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

මෙම අවස්ථාව සඳහා බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ද පැමිණ සිටි අතර පස්සර, නමුණුකුල, ලුනුගල, මඩොල්සිම දැනට තිබෙන සුරාසැල් ප්‍රමාණය ප්‍රමාණවත් බවත්, අලුතින් ආරම්භ කිරීමට නියමිත සුරා සැල ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය වහා හකුළා ගන්නා ලෙසත් එසේ නොකළහොත් පස්සර ආසනයේ ජනතාව විශාල වශයෙන් රැස්කර ඊට එරෙහිව විරෝධය පළකරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT