වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා පෙර පරිදි ගෙවීම සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙයි.
පෙර පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත බවත් ප්‍රකාශ කර තිබෙයි
ඒ අනුව පොරොත්තු ලේඛන ද ඇතුළත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබාදීමට නියමිතයි.
වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව පවතියි